වරාය නගරය ඉදිකිරීමට ගත් තීරණයට පරිසර සංවිධාන විරෝධය

Published in පුවත්
Friday, 06 February 2015 08:35

පාරිසරික විනාශය ගැන නොසලකා කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් තවදුරටත් සිදුකරගෙන යාමට රජය තීරණය කිරීම සම්බන්ධයෙන් පරිසර සංවිධාන සිය විරෝධය පළ කරයි.


කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පැවසුවේ පරිසර අධ්‍යයන වාර්තා සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය ඉදිරියටත් සිදුකර ගෙන යන බවය.

එහිදී ඔහු පැවැසූවේ, අගමැතිතුමා මේකෙදි ඉදිරිපත් කළා පරිසර වාර්තාවක්. එහි තිබෙනවා මුහුද ගොඩකිරීම සම්බන්ධව. එහි ප්‍රශ්නයක් නැහැ. දෙවැනි EI එකක් අවශ්‍යයි ගොඩබිමේ ඉතුරු සංවර්ධන වැඩ කටයුතු සදහා. ඒක නැහැ. එතුමා කීවා චීන රජයත් අනවබෝධයක් ඇති නොවන පරිදි මේක කරන්න අවශ්‍යයි කියලා. අනිත් දේ තමයි ජනාධිපතිතුමා මාර්තු මාසයේ චීනයට යනවා. මෙය දිගටම කරගෙන යන අතරේ අඩුපාඩු ටික සකස් කරගමු. යනුවෙනි.

එහෙත් ජනාධිපතිවරන සමයේදී මෙම ඉදිරිකිරීම නතර කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූ බව මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමේදී ඇමැති සේනාරත්න මහතා පැවැසූවේ එයා එහෙම එකක් කීවානම් එක එයාගෙන් අහගන්න ලෙසය. එහෙත් මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතියක් ලබා ගෙන නොමැති බවද මේ සම්බන්ධයෙන් අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් අද දින සිදු කරන බවත් දැන ගැනීමට තිබේ.

කෙසේවෙතත් පරිසර සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පරිසරයට දැඩි හානියක් සිදුවන බවය.

මේ පිරවීම් කටයුතු සදහා මුහු වැලි ලබා ගන්නවා. ඒ ලබා ගන්නේ නොගැඹුරු මුහුදු තිරයෙන්. මසුන් බෝවෙන කලාප වලින් තමයි වැලි ලබාගන්නේ. පොම්ප මගින් ලබා ගැනීම සිදු කරනවා. එතනදී ප්‍රධාන වශයෙන්ම මත්ස්‍ය බෝවන කලාප දැවැන්ත වශයෙන් හානියට පැමිණ තිබෙනවා. ගෝල්ෆේස් ප්‍රදේශයේ සිට පානදුර ප්‍රදේශය දක්වා සහ මිගමුව ප්‍රදේශයටත් මුහුදු ඛාදනය වැඩි වෙමින් පවතිනවා.

පරිසර සහ ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතාද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ව්‍යාපෘතිය සිදුකරන චීන සමාගම රටවල් රැසක සිදුකළ ව්‍යාපෘතිවලදී දැවැන්ත පරිසර විනාශයක් සිදුකළ සමාගමක් බවය.

Last modified on Friday, 06 February 2015 08:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us