පසුගිය බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තමන් පැවැසූ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා දැඩි ප්‍රහාරාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් එම ප්‍රකාශය සත්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින්(IMBL) පැමිණි ඉන්දීය ධීවරයින්ව නිදහස් කළත් ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා නිදහස් නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ “ ද හින්දු පුවත්පතට“පවසා තිබේ.
කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී මීට දින කිහිපයකට ඉහතදී පැහැර ගැනීමට ලක්වූ බව කියන කේෂාණි බණ්ඩාර නැමැති සිව්හැවිරිදි දැරිය නෙරියාව ප්‍රදේශයේ වෙළඳසැලක් අසළ දමාගොස් සිටියදී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් සාක්ෂි ලබා දෙන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ(11) මඩකලපුවේදී පවත්වා තිබේ.
මිනිසෙකු නින්දේ සිටියදී පවා ඔහුගේ හෝ ඇයගේ මොළය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවත්, නින්දේදී පවා වචන පිළිවෙලට වර්ග කරගැනීමේ හැකියාවක් මොළයට පවතින බවත් විද්‍යාත්මක පර්යේෂණයකින් හෙළි වී තිබේ.
දර්ගාවල වෙඩි තැබූවන් අත්අඩංගුවට - අධිකරණ නියෝගයක්
ඇන්තූරියම් සහ ඕකිඩ් පැළ 400 ක් පමණ රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ - බැංකොක් නුවර සිට අදාළ පැළ තොගය රැගෙන විත් ඇත.