විමල්ගේ ආසාව විපක්ෂ නායකයා වෙන්න Featured

Published in පුවත්
Tuesday, 03 March 2015 12:47

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා උත්සාහ ගනිමින් සිටින්නේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එහි විපක්ෂ නායක ධුරය ලබා ගැනීම බව එම පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ අගමැති කරවීම සඳහා යැයි කියමින් නුගේගොඩ සන්ධානය රට පුරා ‍රැළි පවත්වාගෙන ගියද රාජපක්ෂ මහතාට ශ්‍රී ලනීපයෙන් කිසිදු අවස්ථාවක් නොලැබෙන බවත් එමෙන්ම ඔහු වෙනම පෙරමුණකින් හෝ මැතිවරණයට ඉදිරිපත් නොවන බව පැහැදිලිව තිබියදී වීරවංශ මහතා උත්සහ කරන්නේ රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද තමන්වෙත ආකර්ෂණය කර ගැනීමේ උත්සහයක් බව ජනිපෙ ප්‍රකාශකයෙක් පෙන්වා දෙයි.

ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලනීප කණ්ඩායමට එජාපය හා එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම අනිවාර්‍ය කටයුත්තක් වන අතර එහිදී විපක්ෂය ලෙස තුන්වෙනුව වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂයට ඉදිරිපත් වීමේ හැකියාවක් පවතී.

මේ සඳහා වීරවංශට තරගයක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සමඟය. බොහෝ විට දෙමළ ජාතික සන්ධානයද ජාතික ආණ්ඩුවට සහය පළ කරනු ඇත. ඒ අනුව ජවිපෙ හා ජනිපෙ හෝ ඔවුන්ගේ ප්‍රමුඛත්වයෙන් ගොඩ නැ‍ඟෙන නව පෙරමුණ අතර දැඩි තරගකාරිත්වයක් මතු වූනද රාජපක්ෂ මහතාගේ සහය වීරවංශ මහතාට ලැබීම මත ජවිපෙ අභිබවා යෑම වීරවංශට එතරම් අපහසු නොවන බව එම පක්ෂයේ මතය වී තිබේ. ජවිපෙට තනිවම තරගකර ආසන 5 කට වඩා දිනා ගත නොහැකි බව ඔවුන්ගේ තක්සේරුව වී ඇත.

මෙහිදී ශ්‍රී ලනීපයේ ඡන්ද පදනම දෙකඩ කර එජාපයට වාසී සහගත් තත්වයක් ඇති කිරීම මඟින් එජාපය බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ජය ගැනීම ඉදිරියේදී වීරවංශ මහතාට දැඩි ආණ්ඩු විරෝධි විවේචකයකු ලෙස ගොඩ නැගීමට ඉතා පහසු බවද පක්ෂය තුල සාකච්ඡාවට බඳුන් වූ බව එම ප්‍රකාශකයා පැවැසීය.

කෙසේ නමුත් වෙන්ම පෙරමුණකින් තරග වැදීම එම නුගේගොඩ සන්ධානයේ දිනේෂ් ගුණවර්ධන මහතා කැමැත්ත පළ කර නැත. ඔහු ශ්‍රී ලනීපය හා එක්ව තරග කිරීමට අවසන් මොහොත දක්වා උත්සහ කළ යුතු බව පවසා ඇත.එහෙත් ශ්‍රී ලනීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගුණවර්ධන මහතා ශ්‍රිලනීපය හා තරග කිරීමට එකඟව ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us