මව්බිමෙන් 'යං' යන්න යයි!

Published in පුවත්
Tuesday, 03 March 2015 12:16

අඟහරුවාදා මව්බිම පුවත්පත සමග නිකුත් කෙරෙන 'යං' අතිරේකයේ කර්තෘ මණ්ඩලය ඉල්ලා අස්වී ඇත. ඊට හේතුවී ඇත්තේ 'යං' අතිරේකයේ කර්තෘ ලෙස කටයුතු කළ සංජක ප්‍රසාද් දොලේවත්ත මහතා මව්බිම පාලනාධිකාරිය විසින් එම තනතුරින් ඉවත් කිරීමයි.

මව්බිම පුවත්පතේ 'හදගැස්ම' අතිරේකයේ ලේඛකයකු ලෙස පුවත්පතට එක්වූ සංජක දොලේවත්ත මහතා පසුව 'යං' අතිරේකයේ කර්තෘ ලෙස පත් කෙරිණි.

'යං' කණ්ඩායම විසින් පසුගිය වකවානුවේදී මව්බිම පුවත්පතේ අලෙවියට විශාල දායකත්වයක් ලබා දුන් අතර ඔවුහු දිවයින පුරා 'අතිරේක පංති' හරහා 30000ක පමණ 'යං' කණ්ඩායමක් නිර්මාණය කළහ.

මෙම තත්වයට බියවී ඇති මව්බිම පාලනාධිකාරිය 'යං' කර්තෘ සංජක දොලේවත්ත මහතා අදාළ තනතුරින් ඉවත් කර ඇත. 'යං' අතිරේකයේ අනෙකුත් ලේඛක පිරිස ඉවත්ව ඇත්තේ එම පියවරට විරෝධය දක්වමිනි.

සංජක දොලේවත්ත මහතාගේ මූලිකත්වයෙන් සැකසුණු අවසන් 'යං' අතිරේකය අද මව්බිම පුවත්පත සමග නිකුත් වී ඇත.ඔවුන් ඉදිරිරේදී 'යං' කණ්ඩායමක් ලෙස සමාජ ක්‍රියාකාරකම් වල යෙදීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us