ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී ඇත.“හඳුනානොගත් රෝගීන් 4000ක් අප අතර, හඳුනාගනිමු, ප්‍රතිකාර කරමු, සැමට සුවය සදමු“ යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාව යි.

අද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව ආණ්ඩු පක්‍ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. 

හික්කඩුවේ සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කැර ඇතැයි පොලිසිය කියයි. සභාපතිවරයා රෝහලට ඇතුලත් කිරීමෙන් සුළු මොහොතකට පසු මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන් වත්මන් රජයට සම්බන්ධ වී ඇමැති තනතුරු ලබා ගත්තත් ඔවුන් කීප දෙනකුට විරුද්ධව පොලිස්‌ දෙපාර්තමේන්තුව ලැබුණු පැමිණිලි අනුව පරීක්‍ෂණ කටයුතු අත් නොහරින බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

රජයට රුපියල් මිලියන 619ක බදු මුදලක් අහිමි කළ බවට මොහාන් පීරිස් මහතාට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම් විභාගයට සහභාගිවීමට තමන් අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියසාත් ඩෙප් මහතා සහ ඊවා වනසුන්දර මහත්මිය ඊයේ (23) ප්‍රකාශ කළහ.

අඹගමුව ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාසයට අයත් නොර්වුඩ් වෙන්චෙර්ස් වතු යායේ ගැබිණි මාතාවන් 130 දෙනෙකුට පාර්භෝජනයට නුසුදුසු තත්වයේ තිබු ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරනු ලැබීය.

අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ බාල සොහොයුරා වන රංජිත් දිසානායක මහතා හඟුරන්කෙත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. 

සියළු ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩනැංවීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us