මේ රටේ ආර්ථිකයට වැඩිපුරම දායක වන කාන්තාවන්ට කිසිම අාණ්ඩුවක් යටතේ සාධාරණයක් ඉටුවී නැති බව අැය පැවසුවාය. වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 25%කින් වැඩි කරන්න අවශ්‍ය බව පවසයි. රෝසි සේනානායක මහත්මිය වැනි අය මුල්තැන ගෙන ඒ පිළිබද කතා කලත් ඒය ප්‍රශ්නයට විසදුමක් නොවන බව පැවසුවාය.මේ රටේ 52%ක් කාන්තාවන්ය. මේ රටේ වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ ද කාන්තාවන්ය.නමුත් ඒ අය තමන් පීඩාවට පත්වෙන්නේ කොහොමද කියාවත් නොදන්නා බව අැය පැවසුවාය.
අැය වැඩිදුරටත් පැවසු අදහස් වූයේ
'' විශේෂයෙන් අපේ වගේ රටක අම්මගෙන් තමයි දරුවෝ තීරණය වෙන්නේ, ඒ නිසා එයාට විශේෂ පීඩාවක් තියෙනාවා. හැබැයි මේක කොහොමද වෙන්නේ කියලා අපේ රටේ සාතිශය බහුතරයක් කාන්තාවෝ දන්නේ නෑ. ඒ නිසා මහින්ද මහත්තයාට හරි මෛත‍්‍රීපාල මහත්තයට හරි රෝසි සේනායක මහත්මියට හරි පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ වැඩිපුර නියෝජනය දීල අපේ රටේ කාන්තාවන්ගේ ප‍්‍රශ්නෙ විසඳන්න පුළුවන් කියන බොරුව කියන්න. කොහෙද එහෙම නිදහසක් කාන්තාවට ලැබිල තියෙන්නෙ. දුන්න නම් නිදහසක් හොඳට හිතල බලන්න ඒ තවත් වැඩිපුර කාන්තාවගේ ශ‍්‍රමය සූරා කන්න විතරයි නිදහස දීල තියෙන්නෙ. අපේ රටේ පාලකයන්ට පුළුවන් වෙලා තියෙනවා අඩු වැටුපට නැත්නම් වහල් ශ‍්‍රමයට කාන්තාව සූර කන්න. ඒ නිසා මේ ගැන අපි දැනුවත්වෙන්න ඕන.
ඒකට සටනක් තියෙනවා. ඒකට වෙන් වෙච්ච ඉඩක් තියෙනවා ඒකට මහින්ද මහත්තයාවත් රනිල් මහත්තයාවත් මෛත‍්‍රී මහත්තයා පස්සෙවත් ගිහිල්ලා හරියන් නෑ. කාන්තාවගේ නිදහස පුද්ගලිකව දිනාගන්න බෑ, මුළු සමාජයම පීඩාවට ලක්වෙලා තියෙන මොහොතක. එක එක ප‍්‍රශ්න ගේනන පුළුවන්,
පහුගිය දවස්වල මුළු සමාජයම ඉතාම කම්පනයට පත්කරපු සිදුවීමක් තිබුණා. යාපනේ දිස්ත‍්‍රික්කයේ විද්‍යා කියන පාසල් සිසුවිය සමූහ ලිංගික හිංසනයක් කරල මරලා දාලා තිබුණා. ඒක හැම කෙනෙක්ම තමන්ගේ දේශපාලන උවමනාවට පාවිච්චි කළා. හැබැයි අපි කියනව, කොටකෙතන සිදුවීම හරි විද්‍යාගේ සිදුවීම හරි සාරන්‍යාගේ සිදුවීම හරි අර කුණු ඇලක මරල දාපු පුංචි ලදැරියගේ සිදුවීම විතරක් නෙවෙයි මේ කාන්තාවන්ගේ ප‍්‍රශ්නේ, මේ සමාජයේ අනෙක් සියලූම පොදු ප‍්‍රශ්න වලින් එයා හෙම්බත්වෙනවා.
විශේෂයෙන් මේ සමාජ ආකල්ප ඇතුලෙ එයා පීඩාවට පත්වෙනවා. ඒක පවුල ඇතුලේ, විවාහය ඇතුලේ, ආර්ථිකය ඇතුලේ එයා පීඩාවට පත්වෙනවා. ඒ නිසා අපිට ඕන තරම් සිදු වීම් අහන්න පුළුවන්වෙයි, දකින්න පුළුවන්වෙයි. ඒ සිදුවීම් විවිධ දේශපාලන බල උවමනාවන් වෙනුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්වෙයි. නමුත් ප‍්‍රශ්නෙ එතනමයි. අපිට පුළුවන් නම් අන්න ඒ ඇත්ත ප‍්‍රශ්නෙ ගැන සාකච්ඡා කරන්න, මැදිහත්වෙන්න, අපි කොච්චර හොඳට ඇඳගෙන ගියත්, අපේ ජීවිත ඇතුලේ කොච්චර දුකක් තියෙනවාද? අපි හැම වෙලාවෙම ඒකෙන් මැරි මැරී උපදිනවාද කියලා ඔබ කල්පනා කරලා බලන්න.
මේ දකින ඕනම සහෝදරියකට හරි අම්ම කෙනෙකුට හරි තියෙනවා අන්න ඒ වගේ තමන්ගේ ජීවිතේ අතුලේ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙනවා මේ වෙලාවේ. හැබැයි ඒකට මේ පාලකයන්ට උත්තර නෑ. අපි මේ ජීවත්වන සමාජ ආර්ථික වටපිටාවට ඒකට උත්තර නෑ. ඒක ඇතුලේ තවදුරටත් විද්‍යා වගේ දරුවෝ පීඩාවට පත්වෙයි. ඒතුල තවදුරටත් කිරුලපන කුණු ඇලේ මරාදාපු සිඟිති දියණිය වගේ දියණිවරු තවත් හම්බවෙයි. ඒ තුළ කොටකෙතන ඒ ගම ඇතුලේ තමන්ගේ ජීවිතේ පූජා කරපු සහෝදරියෝ වගේම අම්මලා අපට හම්බවෙයි. ක‍්‍රිෂාන්ති කුමාරස්වාමිලා හම්බවෙයි. සාරන්‍යලා හම්බවෙයි අපිට, අපි කාටවත් කියන්න බෑ නෑ අපිට එහෙම වෙන්නේ නෑ කියලා. අපි අහනවා, ඔබ කාටහරි කියන්න පුළුවන් ද හෙට දවසේ මට, මගේ දියණියට, මගේ අම්මට මගේ සහෝදරියට ඒ ඉරණම අත්වෙන්නේ නෑ කියලා. අපි කාටවත් ඒ සහතිකේ දෙන්න බෑ.
ඒ නිසා අපි කියනවා. එතන තමයි අපිට හිතන්න තියෙන තැන. අපි මොන තරම් දරුවො ආරක්ෂා කළත්, අපි දරුවෝ සමාජෙට දාන්න ඕන ,ඒ දරුවා සමාජෙට දාලා අපි හිතනවා අනේ ඒ දරුවා හොඳට ඉගෙනගනියි. අපේ දරුවා හොඳ අධ්‍යාපනයක් ලබයි. අපේ දරුවට හොඳ රැකියාවක් කරන්න පුළුවන් වෙයි. අපේ ප‍්‍රාර්ථනාවක් තියෙනවා එහෙම හැබැයි කාටද කියන්න පුළුවන් තමන්ගේ දරුවා තමන්ගේ තුරුලෙන් මේ සමාජයට දැම්මට පස්සේ ඒ දරුවට අවශ්‍යකරන නිදහසකින් මේ සමාජෙ ජීවත්වෙන්න පුළුවන් වෙයි කියලා. අපි කාටවත් ඒක කියන්න බෑ. අපි හැමෝගේම ජීවිත වල තියෙනවා මොකක්දෝ කියාගන්න බැරි ගැටළුවක්, ඒ ගැනයි අපි හිතන්න ඕන.
අපි කියන්නේ ඒක අපි අද ජීවත් වන සාමාජ ආර්ථික දේශපාලනයේ ගැටළුවක්. කවුරුහරි කියනවා නම් නෑ ඒක මිනිස්සුන්ගේ ප‍්‍රශ්නයක් කියලා, එක පුදුගලයන්ට දඩුවම් දුන්න, හිරේ දැම්මා, කියලා විතරක් මේක විසඳෙන්නේ නෑ. මොකද ඉතිහාසේ එහෙම දඩුවම් විඳපු මිනිස්සු මේ සමාජෙ ඉන්නවා. ඉතින් ප‍්‍රශ්නෙ විසඳිලාද?''
මෙවන් තත්වයක නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විධියට කියන්නට අැත්තේ ඒ සඳහා සටනක් තියෙනවා ඒක පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකරල බේරන්න පුළුවන් දෙයක් නොවන බවයි යනුවෙන් අැය වැඩිදුරටත් පැවසුවාය.