ගැබ්ගෙල පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරවලට අවශ්‍ය ඉමේජ් ගයිඩඩ් රේඩියේෂන් තෙරපි (Image Guided radiation Therapy) උපකරණ ප්‍රමාණවත් තරම් නොමැති නිසා ජීවත් කරවිය හැකි රෝගීන්ගෙන් සියයට තිහක (30%) පමණ පිරිසක් නිරපරාදේ මියයන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි.

ජනවාරි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

පොළොන්නරුවට ඇදහෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ මේ වන විට පිටාර ගලමින් පවතින අතර පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (07) උදෑසන 8.30 සිට සැහැල්ලු වාහන සඳහා සම්පූර්ණයෙන්ම වසා දමන බව පොලිසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා.

මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් අඩංගු වී තිබු පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

පෞද්ගලික ඖෂධ අලෙවිසල් (ෆාමසි) වල අනිවාර්යයෙන්ම රජයේ ලියාපදිංචි ඖෂධවේදියකු රැඳී සිටිය යුතු බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පනවා ඇති නව නීතිය හේතුවෙන් මෙරට ඇති පෞද්ගලික ඔසුසල් 4803 න් 2881 ක් පමණ වැසී යාමේ අනතුරක් ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බව විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමය පවසයි.

ld add copy

Connet With Us