හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වලක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ ද පෙ.ව. 8 සිට ප.ව. 3 දක්වා වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ඉල්ලා සිටී.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී තිබේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙරට සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පිබිදීමක් සනිටුහන් කරමින්, වසරේ මේ දක්වා වූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව දස ලක්ෂයේ සීමාව සාර්ථකව ඉක්මවා ගොස් තිබේ.

අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් තාවකාලිකව පත්කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු මහා විහාරය අද (30) නිවේදනය කළේය.

මෙවර වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත වෙසක් කලාප, තොරණ හා පහන් කූඩු ප්‍රදර්ශනය වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබේ.

ld add copy

Connet With Us