සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි සේවකයින් සේවා ස්ථාන වෙත කැඳවීම සීමා කරන ලෙස ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් නිකුත් කර තිබේනවා .

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා 20,000 බැගින් දෛනිකව ලබා දීමට උපදෙස් ලබා දී තිබෙනවා.

අප්‍රේල් 01 වනදා සහ සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහනයක් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය අතරතුර කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර, කල් ඉකුත්වන දිනයේ සිට තවත් මාස 6ක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙරට ආහාර සුරක්ෂිත භාවයෙන් ඉහළම සහ සුරක්ෂිත ආහාර රටාවකට අනුව ජීවත්වන පුද්ගලයන් වැඩිම ප්‍රමාණයක් සිටින දිස්ත්‍රික්කය වන්නේ ගාල්ල බවත්, එය 97%ක ඉහළ ප්‍රතිශතයක් බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සිදු කර ඇති ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයකින් අනතුරුව හෙළි වී ඇත.

සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මීළඟ සතියේදී ගන්නා බවද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත්කරණය යළි යාවත්කාලීන වී තිබෙන අතර දැනට ලංකාවේ භාවිතා වන සියලු එන්නත් හොඳ මට්ටමේ ඒවා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

පළාත් මට්ටමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 දෙනෙකු පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේනවා.

යහපාලන රජය පැවති 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ සෑම වසරකම සහල් මෙට්‍රික් ටොන් විසි දහසේ සිට ලක්ෂ හය දක්වා අතර ප්‍රමාණයක් ආනයනය කර තිබේන බව වාර්තා වෙනවා.

ld add copy

Connet With Us