පරාජය වූවන්ට ඇමැති තනතුරු දෙමින් ජනවරමට පිටුපා කටයුතු කරන මෛත්‍රී - රනිල් මජර ආණ්‌ඩුව ඉතා ඉක්‌මනින් ගෙදර යෑවීම සඳහා වීදි බැස සටන් කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයෝ ඊයේ (18 ) කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී ජනතාවට ප්‍රතිඥ දුන්හ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි රෝෂාන්ද සිල්වා මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පානදුර මහාධිකරණය විසින් වසර 08 ක සිර දඬුවමක් නියම වී තිබේ.

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි සංශෝධනය සම්මත කර පැරැණි ක්‍රමය යටතේ ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු බව (17) දා රැස්‌වූ කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇත.

දින 100 වැඩසටහන වැනි  සාර්ථක වැඩසටහනක් මේ රටේ දේශපාලන ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ක්‍රියාත්මක කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මුළුමනින්ම රජයේ මහ භාණ්ඩාගාරය මත යැපෙන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නඩුහබ සදහා රජයේ නීතීඥයන් වෙනුවට පෞද්ගලික අංශයේ නීතීඥයන් යොදාගැනීම නිසා එම බරත් මහ භාණ්ඩාගාරයටම දරන්නට සිදුවී තිබේ.

සන්ධානය ශක්තිමත් කරමින්, ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා ශ්‍රී.ල.නි.ප ප්‍රබලයින් 'මෛත්‍රී- මහින්ද' සමගි කිරීමට වෙහෙසෙද්දී, 'මහින්දවාදීන්' කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයා ගේ මූලිකත්වයෙන් ඉදිරි මහ මැතිවරණයට වෙනම තරඟ කිරීම සඳහා ප්‍රතිපති ප්‍රකාශනයක් ද කෙටුම්පත් කර මුද්‍රණයට සුදානම් කර තිබේ.

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.අද(18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණි.

පළාත් පාලන ආයතන නියෝජිතයින් සදහා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වාදීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.අද (18)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේය.

worky

worky1

ld add copy

Connet With Us