වනාන්තර ගිනි තැබීම වැළැක්වීමට දැඩි පියවරක්

Published in පුවත්
Friday, 25 August 2023 23:21

වනාන්තර ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට පැවසුවාය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ වනාන්තර ගිනි තැබීම් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති අවස්ථාවේදී ය.

වනාන්තර ගිනි තැබීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට එහිදී යෝජනා විය. ත්‍රිවිධ හමුදාව,පොලීසිය,සිවිල් ආරක්ෂක බලකාය,ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව,ඒකාබද්ධව දිස්ත්‍රික් මට්ටමෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට එහිදී සාකච්ඡා කෙරිණි.

වන රක්ෂිත ආරක්ෂා කිරීම හා කැලෑ ගිනි තබන්න පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය මගින් පාසල් දරුවන් දැනුවත් කිරීම එක් අරමුණකි. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ග්‍රාමීය මට්ටමින් පිහිටුවා ඇති සිවිල් ආරක්ෂක කමිටු වල සහාය ලබා ගනිමින් වනාන්තර ආරක්ෂා කිරීමට හා ඒවාට හානි කරන්නන් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට සහාය ලබා ගැනීමට කටයුතු කළයුතු බවද අමාත්‍යවරිය පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත රජයේ නිලධාරීන්ගේ සහයෝගය ලබා ගනිමින් ග්‍රාම සේවා වසම් මට්ටමෙන් වනාන්තර ආශ්‍රිතව ඇති ගම්මානවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සහ හදිසි අවශ්‍යතාවයකදී පළාත් පාලන ආයතන වල ඇති ගිනි නිවීමේ ඒකක වල සහයෝගය ලබා ගැනීමට ද එහිදී තීරණය විය. කැලෑ ගිනි තැබීම් සතුන් දඩයම් කිරීම මෙම කාලය තුළ වැඩි වශයෙන් දැකිය හැකි අතර එසේ නීති විරෝධී කටයුතු වල නියැලෙන පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ඇතැම් මාධ්‍ය මගින් වැරදි තොරතුරු සමාජ ගත වන බවත් නිවැරදි තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ජනතාව දැනුවත් නොකළහොත් සාවද්‍ය මත සමාජගත වන බවත් එය නිවැරදි කිරීමට නම් අදාළ ආයතන ප්‍රධානීන් සත්‍ය කරුණු ජනතාවට පැවසිය යුතු බවත් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය එහිදී පැවසුවාය.

වනාන්තර ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව , විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානය,අදාළ පළාත් පාලන ආයතන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ඇතුළු ආරක්ෂක අංශවල සහාය ලබා ගන්නා ලෙස ද එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නාය. මෙම අවස්ථාවේදී ලැව් ගිනි නැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ග ලෙස ගිනි පටි කැපීම සහ ජල සම්පීඩක යන්ත්‍ර යොදා ජලපාලනය සම්බන්ධයෙනුත් එහිදී සාකච්ඡා විනි. ඒ සඳහා අදාළ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, අතිරේක ලේකම් සංවර්ධන සමන්ති රණසිංහ මහත්මිය, පළාත් සභා පළාත් පාලන කටයුතු කර ඇත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තුමිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම්තුමිය,දිස්ත්‍රික් ලේකම්වරුන්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා, අමාත්‍යාංශ උපදේශක මණ්ඩල නිලධාරීන්, උද්‍යාන භාරකරුවන්, අමාත්‍යංශ නිලධාරීන් ,ඇතුළු පිරිසක් සහභාගී විය.

Lanka Daily - Checkout for the Latest and Top News from Sri Lanka

Last modified on Friday, 25 August 2023 23:23

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us