ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (27) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

 නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව) ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත.

 අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරාව දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව ලබන බදාදා රැස්වීමට නියමිතයි.

මේ වනවිට ඉන්දියාව තුළ ඉතා වේගයෙන් පැතිරයන කොවිඩ් වසන්ගතයත් සමග අපනයන ක්ෂේත්‍රයටත් බලපෑමක් එල්ල විය හැකි බව භාණ්ඩ අපනයනකරුවෝ සදහන් තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබදව වාර්තාවක් කැඳවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳගේ ජංගම දුරකථන අංකය ඔස්සේ අන්තවාදී දේශනවලට එක්වූ තවත් අසූවකට ආසන්න පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

ld add copy

Connet With Us