ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට මුල් තැන දෙන්න – මනූෂගෙන් උපදෙස් !

Published in පුවත්
Monday, 09 October 2023 12:57

මේවන විටත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ අමාත්‍ය මනුෂ නානායක්කාර සම්බන්ධ වී සිටින අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එහි සිටින අපගේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසට උපදෙස් දී ඇති බව ඔහු සිය FACEBOOK ගිණුමේ සඳහන් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර අපගේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටින බවයි ඒ ඔහු සඳහන් කර ඇත්තේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ හා හමාස් සංවිධානය අතර ඇති වූ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව දහසක් පමණ වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බවයි ජගත් සංවිධානය පවසන්නේ.

පසුගියදා හමාස් සංවිධාන ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර 5000ක් පමණ එල්ල කිරීමත් සමග දෙපාර්ශවය අතර ගැටුම් ආරම්භ වුණා.

හමාස් ප්‍රහාරයන්ගෙන් 300කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් 2000ක් පමණ තුවාල ලැබු බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඊයේ දිනයේ දී ඊශ්‍රායල ආරක්ෂක අංශ හමාස් සංවිධානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. එමෙන්ම ගාසා තීරයෙන් ඉවත්ව යන ලෙසයි ඊශ්‍රායල ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දී ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ එම කාන්තාව පිළිබඳ තොරතුරු සෙවීම සදහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත අද දැනුම්දෙන බවයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us