ෂාෆ්ටර්ගේ මෘත ශරීරය ආදාහනයට අවසර දෙයිද ?

Published in පුවත්
Monday, 09 October 2023 13:51

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය ආදාහනය කිරීමට අවසර දිය හැකි දැයි කරුණු සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) එම මරණය හේතු සොයා බැලීම සඳහා පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත නියෝග කළේය.

අදාළ මරණ පරීක්ෂණය අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මියගිය අයගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින්ගේ අන්තිම කැමැත්ත මරණකරුගේ දේහය ආදාහනය කිරීම බව සඳහන් කළේය.

යම් හෙයකින් මරණකරුගේ ශරීරය භූමදානය කරන ලෙස අධිකරණය නියෝග කරන්නේ නම් එම කටයුතු සඳහා මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත පොදු සුසාන භූමියේ පිහිටි "චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ්" නිකායට අයත් සුසාන භූමියෙන් බිම්කඩක් ලබා ගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, එම ඉල්ලීමට අදාළව පවුලේ සාමාජිකයින්ගේ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කර ඒ ඔස්සේ කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසය.

එමෙන්ම මරණකරුගේ මෘතදේහය තවදුරටත් විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය වන්නේ ද? එය ආදාහනය කිරීමට අවසර දිය හැකි ද? යන කරුණු පිළිබඳව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් එම මරණයට හේතු සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාට නියම කළාය.

මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය මුදාහරින තුරු ඔහුගේ මරණයට හේතුව දැක්වෙන වාර්තා ඉදිරිපත් කළ නොහැකි බවට විද්වත් පංච පුද්ගල වෛද්‍ය කමිටුව විසින් අධිකරණයට දැනුම් දී ඇති බවය.

ඉන් අනතුරුව මෙම මරණ පරීක්ෂණයේ යළි ලබන 16 වනදා කැඳවීමටද දින නියම කෙරුණි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us