ආපදා හේතුවෙන් අවතැන්වුවන්ට කඩිනම් සහන ! නිරීක්‍ෂණයට ප්‍රමිත බණ්ඩාරත් එක්වේයි!

Published in පුවත්
Monday, 09 October 2023 12:36

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ප්‍රදේශවල නිරීක්‍ෂණ චාරිකාවක ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (08) නිරත විය.

ආපදා හේතුවෙන් අවතැන් වී සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය මේවන විටත් පියවර ගෙන ඇති අතර,ඔවුන්ට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු සහන සේවා කණ්ඩායම් විශාල පිරිසක් එම ප්‍රදේශ වලට කැඳවා ඇත.

ආපදාවට ලක්ව සිටින ජනතාවට ආහාර සැපයීම සඳහා මාලිම්බඩ හා මාතර ප්‍රදේශවල ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යන ආහාර පිසින ස්ථාන වෙත ගිය අමාත්‍යවරයා පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකල අතර, එම ස්ථානවල දිවා රෑ නොබලා කැපවී වැඩ කරන භට පිරිස් දිරිමත් කර ප්‍රශංසාවට ලක්කරන ලදි. ආපදාවට පත් ජනතාවට පිසු ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා මේ වන විට ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් විසින් සැපයීමට ක්‍රියාමර්ග ගෙන ඇත.

දිස්ත්‍රික් ලේකම් ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානින්, ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් සහ පොලිස් ප්‍රධානීන් සමඟ අවතැන්වී සිටින ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හා අමාත්‍ය තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් ද සිදුකරන ලදි. මීට අමතරව මෙම සාකච්ඡාව සඳහා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිපුන රණවක එක්විය.

අනතුරුව ආපදාවට පත් ප්‍රදේශ වලත්, යුද හමුදාව විසින් අත්තුඩාවේ ගංවතුර අවම කරගැනීම සඳහා වැලි කොට්ට අධාරයෙන් ඉදිකර ඇති වේල්ල නිරීක්‍ෂණය කිරීමටත් ද එක් වන ලදි.මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, දිස්ත්‍රික් ලේකම් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍යය ආයතන වල බලධාරීන් පිරිසක් හා 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.ඒන් රණසිංහ ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ යුද හමුදා හා නාවික හමුදා,ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

-දිනමිණ

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us