'මගේ හදවතට එකඟව සේවය කිරීමට නොහැකි නිසා මම තනතුරෙන් ඉවත් වුණා" යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපති රූමි මර්ෂුක්‌ මහතා ඊයේ (4 දා) ප්‍රකාශ කළේය.

පරිසරයට එරෙහි මානව ක්‍රියාකාරකම් වළකා ස්වභාවික උරුමයන්ගේ නිරුපද්‍රිත පැවැත්ම උදෙසා ඇප කැපවීම අපගේ වගකීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

මිහිදු හිමියන් ශ්‍රී ලංකාවට වැඩමකර මෙරට මිනිසුන් ශීලාචාර ජාතියක් බවට පත් කළ බවත් පසුව සිදුවූ මහින්දාගමනය සමග යළි මේ රට අශීලාචාර යුගයකට ගිය බව පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කාණ්ඩයක් විසින් අන්තර්ජාලය හරහා ජනතා මනස විකෘති කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මාධ්‍යවේදීන්ට ලබාදීමට නියමිත තීරු බදු රහිත යතුරුපැදි සඳුදා (8) සිට ඉල්ලුම්කිරීමට හැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දුරකථන දත්ත පිළිබදව සොයාබැලීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

නජිත් ඇතුළු 13කට ඇප

Published in පුවත්
Thursday, 04 June 2015 11:25

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 13ක් ඇප මත නිදහස් කිරීම කොටුව මහේ්ස්ත්‍රාත් ප්‍රියන්ත ලිනයනගේ මහතා අද (04දා) නියෝග කළේය.

ශෂී වීරවංශ අද FCID යට

Published in පුවත්
Thursday, 04 June 2015 11:06

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

worky

worky1

ld add copy

Latest News

Connet With Us