ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගේ බවට සැක කරන ජංගම දුරකථන අංක 20 ක්‌ සොයාගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (17) අල්ලස් කොමිසමට පැමිණියේය.

2015 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත මානව හිමිකම් කොමිසමේ 30 වැනි සැසි වාරයේදී ශ්‍රී ලංකා හමුදාව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදුකළ බව පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සකස් කළ වාර්තාව එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇත.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වන්නේ නම් ඒ හිටපු මුදල් අමාත්‍යවරයා සමග මිස හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා සමග නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරලීම සඳහා ඔහුට සහයදෙන්නයි බලකරමින් 'මෛත්‍රීට ඉඩදෙන්න' නමින් නව සංවිධානයක් ස්ථාපිත කිරීමට යයි.

ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීමට නිශ්චිත තීරණයක් ගෙන නැතත් ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ නම් කුමන පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කළත් තමා කරග කරන්නේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

බලපත්‍ර නීති උල්ලංඝණය කිරීම නිසා වයඹ ඩිස්‌ටිලරීස්‌ සමාගම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පනවා තිබූ රුපියල් කෝටි දෙකකට අධික දඩ මුදල එම සමාගම විසින් 12 වැනිදා ගෙවා ඇත.

worky

worky1

ld add copy

Connet With Us