ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තීරණයක් ගැනීමට අද නියමිතව ඇත.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 22ක්, ඔවුන් පැමිණි යාත්‍රා 5ක් සමඟ නිදහස් කර තිබේ.

යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කර සිටිනවා.

මෙවර අය වැය යෝජනා අතර, ඉතා ආකර්ෂණීය යෝජනා තිබෙන බවත් ඒවා වචනවලට පමණක් සීමා නොකර ප්‍රායෝගික යථාර්ථයක් කිරීමට පියවර ගත යුතු බවත් සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසුවේය.

ධාවනය වෙමින් තිබූ බස් රථයක පිටුපස පා පුවරුවෙන් ඇදවැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අවධානය යොමුවිය.

දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසා තිබේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us