එකසත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප්‍රචාරක ‍රැළිය පැවැත් වුණු පසුගිය 17 වන දින එම ‍රැස්වීමට පෙර අනුරාධ පුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුද ගැනීමට ගිය අවස්ථාවේදී ගීතාංජන ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය මහින්දවාදීයකු විසින් සොරාගෙන ඇති බව වාර්තාවේ.

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස තනාදීමේ අරමුණින් පිහිටවූ රාඩා ආයතනයේ සිදුවූ කෝටි 16.9 ක මූල්‍ය වංචා සම්බන්ධයෙන් හිටපු ජනධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන බව තමන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(20) කුරුණෑගල පැවැති ‍රැලියකදි ප්‍රකාශ කර ඇත.

මෙවර මැතිවරණට තරඟ වදින අපේක්ෂකයන් සඳහා තම නිවසේ මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යෑමට අමතරව එක් ආසනයකට එක් කාර්යාලය බැගින් පවත්වාගෙන යෑමට හැකි බව ඊයේ (20දා) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇතැයි වාර්තා වේ.

දින සීයේ දී සංවර්ධන කටයුතු ඇණහිටි බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කාලය තුළ දී ඇණ හිටියේ රාජපක්ෂ පවුලේ සංවර්ධනය පමණක් බවයි. ජනතාව ආර්ථික වශයෙන් මෙන් ම සාමාජීය වශයෙන් ද සංවර්ධනය වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මොරටුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් පක්‍ෂග්‍රාහීව කටයුතු කරන පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට එරෙහිව පියවර ගන්නා බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පැවැසීය.එවැනි නිලධාරීන් වහාම එම පොලිස්‌ බල ප්‍රදේශවලින් මාරු කර යෑවීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් එක්වීමට නියමිතය. මේවන විට මේ සම්බන්ධයෙන් එකසත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති අතර ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වන සාකච්ඡාවකින් පසුව එජාපෙරමුණේ වේදිකාවට එක් වීමට නියමිතය.

තමාගෙන් පාලනය උදුරාගෙන ගත වූ මාස 07 තුළදී රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩාවැටී තිබෙන බවත්, ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත්  බත්තරමුල්ල තලංගම පිහිටි සමෘද්ධි සංවර්ධන හා සමස්ත ලංකා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී අද (20) පැවැති නියෝජිත හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. 

මෙවර මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය, උතුරු හා නැගෙනහිර පළාත් දෙකෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 22 ක ඉලක්කයක් වෙනුවෙන් තරග කරන බව ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ අපේක්‍ෂක පී.අරියනේන්ද්‍රන් ප්‍රකාශ කරයි.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us