විශ්වවිද්‍යාල සඳහා තේරීපත් දරුවන්ට දැනුම් දීමක්...

Published in පුවත්
Friday, 01 December 2023 15:46

අ.පො.ස උසස් පෙළ - 2022 ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව පිළිබඳව අද (01) දිනයේ කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන බව  විශ්වවිද්‍යාල ප්‍රත්පාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

මෙවර උසස් පෙළට විභාගය සඳහා අපේක්ෂකයින් 274,304ක් පෙනී සිට ඇති අතර අපේක්ෂකයින් 166,967ක් මුලික සුදුසුකම් සපූරා තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 84,176ක් ඉල්ලුම් කර ඇති අතර අපේක්ෂකයින් 45,000ක් විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා මෙවර බඳවා ගැනීමට නියමිතව ඇත.

ජෛව විද්‍යාව 9,896ක්, භෞතික විද්‍යාව සඳහා 8,071ක්, වාණිජ 7,850ක්, කලා විෂය ධාරාව සඳහා 11,780ක්, ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා 2,295ක් ජෛව පද්ධතිය තාක්ෂණය 1,536ක් හා වෙනත් ඉහත කිසිදු විෂය ධාරාවකට අදාළ නොවන සිසුන් 719ක් ලෙස මුලික අවස්ථාවේ දී විශ්වවිද්‍යාල සඳහා තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

UGC(space)විභාග අංකය ටයිප් කර 1919ට SMS පණිවුඩයක් යොමු කිරීම තුළින් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇත්දැයි දැනගැනීමට හැකිය.

වැඩිදුර විස්තර - 0112 695 301 / 0112 695 302 / 0112 692 357 / 0112 675 857

මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ පාඨමාලාවන්ගේ කඩයිම් ලකුණු ලබාගත හැකි අතර, තමා අයදුම් නොකළ පාඨමාලාවකට ලකුණු ලැබී ඇත්නම් එවැනි අපේක්ෂකයින්ට අද දින සිට දින 30ක් ඇතුළත අභියාචනාවක් ප්‍රවේශ අත්පොතේ ඇති ආදර්ශ අයදුම්පත අධ්‍යයනය කර යොමුකළ හැකියි.

මේ අතර අද දින සිට සති දෙකක් ඇතුළත විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

"අයදුම්පත් යොමු කරපු සෑම දරුවෙක්ම ලබාදුන්න ජංගම දුරකථන අංකයට SMS පණිවුඩයක් මේ දරුවන් තේරුණ විශ්වවිද්‍යාලය හා පාඨමාලාව සඳහන් කරලා, යැවීම සඳහා මේ වනවිට පටන් ගෙන අවසන්. දරුවන්ට අද දින ඇතුළත අයදුම්පත් යොමුකළ සෑම දරුවෙක්ටම තේරුණා නම් විශ්වවිද්‍යාලය හා සියලුම තොරතුරු ලැබීමට සලස්වනවා. යම් දරුවෙක්ට අද දින ඇතුළට නොලැබුණා නම් ඒ දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආමන්ත්‍රණය කරන්න පුළුවන් 119ට. වැඩිදුර විස්තර ලබාගන්න."

"දරුවන්ට SMS එක ගියාට පස්සේ යම් දරුවෙක් විශ්වවිද්‍යාල ප්‍රත්පාදන කොමිෂන් සභාවේ තමන්ගේ උපාධි පාඨමාලාවට ලියාපදිංචි නොවුණොත් අපිට විශ්වවිද්‍යාලයෙන් අහන්න දෙයක් නෑ. ඊළඟ වටයේ දී අපි ඒ පුරප්පාඩුව පුරවනවා. ඒ නිසා පුරප්පාඩු ගැන අපිට විශ්වවිද්‍යාලවලින් අහන්න දෙයක් නෑ. ඒ දත්ත අනුව අපි පුරවනවා.

අපි සති 6කින් තමා කඩයිම් ලකුණු දුන්නේ ඒ නිසා පළමු ලැයිස්තුව විශ්වවිද්‍යාලයට යනවා ඉතාම ඉක්මනින්. යද්දි සමහර වෙලාවට පුරප්පාඩු සහිතව තමා යන්නේ. ඒ නිසා දෙවැනි වටයේ පුරප්පාඩු පුරවලා යනවකොට මේ ආදි වශයෙන් අපිට තුන් හතර ප්‍රමාණයක් පුරප්පාඩු පුරවන්න වෙනවා. මෙච්චර ප්‍රමාණයක් පුරප්පාඩු පුරවද්දි පළමු අය අධ්‍යාපනය පටන් අරන් විශ්වවිද්‍යාලයේ. එහෙම වුණොත් තමා ගැටලුකාරි වෙන්නේ. එහෙම වුණොත් විශ්වවිද්‍යාලවලට දරුවන් එවන්න එපා කියලා.

හැමතිස්සේම දරුවන්ගේ පැත්තෙන් අපි බලන්නේ. අන්තිමයා ගැන බලලා නෙමෙයි තීරණ ගන්නේ. සමස්තය දිහා බලලා තමා ගන්නේ. "

 

- ada derana

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us