හෙරොයින් සම්බන්ධ සිදුවීමකට ජා-ඇළ පොලිසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවකු ඒ ආසන්නයේ ඇති ඇළට පැන පිහිනා පලා යෑමට උත්සාහ දැරීමේදී ඔහු අල්ලා ගැනීමට එම ඇළට පැන්න ආධුනික පොලිස් කොස්තාපල්වරයකු දිය පහරට හසුව ගසාගෙන ගොස් ඊයේ (23) අතුරුදන්ව ඇත.

මෙවර අයවැය තමයි අපි ණය ලබා නොගත් පළමු අයවැය නමුත් ණය නොගෙන වියදම් පියවා ගැනීමට වැට් බද්ද වැඩි කිරීමට සිදුවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. එසේම එහි ප්‍රතිඵලයක් ලෙස රජය සියලුදෙනා විවේචනයට ලක්වෙනමුත් ඉදිරියේදී මෙය අවබෝධ කරගැනීමට හැකි වනු ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.

විවිධ චෝදනා එල්ල වූ සහ එකම ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේය.

2023 අයවැය යෝජනා අතරින් 86%ක් මේ වන විට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වෛද්‍යවරු විදේශගත වීමේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

මේ දිනවල ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

උසස් තනතුරු සඳහා පත්කර යවා ඇති නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීම පමාවන්නේ ඇයි දැයි යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග පසුගියදා ක්‍රිකට් සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බව ජනාධිපති වික්‍රමසිංහ පවසා ඇත.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us