“මේ රටේ දැන් ක්‍රියාත්මක වන්නේ එක නීතියයි. යහපාලන කාලයේ දී වගේ රටේ නීතිය තමන්ගේ උවමනාවට හිතුමතේට නමන්න බැහැ.යාපනයේ නගරාධිපතිතුමාට කියලා වෙනම නීතියක් මේ රටේ නැහැ. නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්වයට අපි පත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් යුද සමයේ එල්ටීටීඊ පොලිස් භටයන් භාවිතා කළ ඇඳුමට සමාන නිල ඇඳුමකින් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් ඒකකයක් පිහිටුවීම ගැන වහාම සොයා බලා කටයුතු කළේ.” යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

 පොල් මිල ඉහළ යාමත් සමග බොහෝ දෙනකු සිය ගෙවතුවල පොල්පැළ සිටුවීම නිසා පොල් පැළවලට ඇතිව තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් පොල් පැළ හිඟයක් ඇතිව තිබේ.

 මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි පවුල් සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාව පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

“ගම සමග පිළිසඳර” වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම හා ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙහෙයවීම සහ පසු විපරම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරයි.

මෙවර අලුත් අවුරුදු සමයේ සිරකරුවන් බැලීමට ඥාතීන්ට අවස්ථාව නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකශ කර තිබෙනවා.

මෙවර අලුත් අවුරුදු සමයේ සිරකරුවන් බැලීමට ඥාතීන්ට අවස්ථාව නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකශ කර තිබෙනවා.

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේම ඔක්තෝම්බර් 04 වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකශ කර තිබෙනවා.

ld add copy

Connet With Us