මිල්කෝ සභාපති සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

Published in පුවත්
Monday, 18 December 2023 10:44

මිල්කෝ සමාගමේ වත්මන් සභාපති රේණුක පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම වත්මන් සභාපති රේණුක පෙරේරා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව මිල්කෝ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පසුගිය කාලය පුරා සදහන් කර තිබුණි.

එහි සභාපති සුමිත් අත්තනායක සඳහන් කළේ 2019, 2020 සහ 2021 වසරවල ලාභ ලැබූ එම ආයතනය මේ වනවිට ණය මත ක්‍රියාත්මක වන තත්ත්වයකට පත්වී ඇති බවයි.

මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ ඉවත් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කළ රේණුක පෙරේරා එම තනතුරට පත්කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීය.

කෙසේවෙතත් අද දිනයේ මිල්කෝ සමාගමේ වත්මන් සභාපතිවරයා මෙලෙස සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us