විට කෑමට පෙලඹීමෙන් පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනයක්

Published in පුවත්
Monday, 18 December 2023 12:30

පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

පාසල් සිසුන්ගේ හා වයස අවුරුදු විස්සට අඩු දරුවන්ගේ මුඛයෙහි සහ තොල වටේ සුදු පැහැයක් පවතින්නේ නම් එය මුඛ පිළිකාවක ලක්ෂණයක් විය හැකි බවටද වෛද්‍යවරු ප්‍රකාශ කරති.

විශේෂයෙන්ම පාසල් සිසුන් පැකට් කරන ලද විට කෑමට පෙලඹී තිබීම මෙම තත්ත්වයට හේතුවක් බව ජාතික දන්ත රෝහලේ මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.එච්.පී.එස්. කරුණාතිලක පසුගියදා මාධ්‍ය වෙත අදහස් සඳහන් කළේය.

දෙමාපියන් මේ පිළිබඳව දැනුවත් වී ඔවුන් ඉන් මුදා ගැනීමට කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ජාතික දන්ත රෝහලට මුඛ පිළිකා සහ පූර්ව පිළිකා වැලඳුන රෝගින් 5-20ත් අතර පිරිසක් දිනපතා පැමිණෙන අතර ඉන් වැඩි පිරිසකගේ මුඛ පිළිකා තත්ත්වයට මුල් අවධියේදීම පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකි බවද හෙතෙම කීවේය.

විශේෂයෙන් පාසල් සිසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාසලේ දන්ත ශල්‍යාගාරයේ වෛද්‍යවරයාට කළහැකි බවත් එසේ නොමැති නම්‍ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන දන්ත චිකිත්සක නිලධාරිවරයා හමුවී ප්‍රතිකාර ලබාගැනීම සුදුසු බවත් ඒ මහතා සිහිපත් කළේය.

මුඛ පිළිකා වැඩි වශයෙන් සෑදෙන්නේ බුලත් විට කෑමෙන් බව අනාවරණය වී ඇති අතර ජනතාවගෙන් සියයට හතළිස් නවයක් බුලත් සමග දුම්කොළ කෑම සිදුකරන බවත් එම තත්ත්වය වළක්වා ගත යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව සතියකට වරක් හෝ මුඛය පරීක්ෂා කිරීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us