අද සහ හෙට නැගෙනහිර අහසේ උල්කාපාත වර්ෂාවක් සිදුවන අයුරු පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව උදාවන බව අභ්‍යවකාශ විශේෂඥ ගිහාන් වීරසේකර පවසනවා.

සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී අවුරුදු 6 ක දැරියක මියගොස් ඇති බව බදුරලිය පොලිසිය පවසයි.

සමගි ජන බලවේගය පක්ෂය විසින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට තීරණය කර ඇත.

උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසයි.

මාලදිවයිනේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ උසම ජාත්‍යන්තර බේස් පැනීම කොළඹ නෙලුම් කුලුණේ දී අද (18) ආරම්භවිය.

මෙරට තේ වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ නැංවීම සඳහා අධි ඝනත්ව වගා ක්‍රමය හා නව තාක්ෂණය ප්‍රචලිත කිරීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ජනපති රනිල් පහුගිය අඟහරුවාදා අයවැය විවාදය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තුව වෙත ගොස් තිබිණි. නමුත් සභා ගැබ තුළට නොගොස් විපක්ෂ ලොබියට මෙන්ම ආණ්ඩු පක්ෂ ලොබියට ද ගොස් මන්ත්‍රීවරු සමඟ සුහද සාකච්ඡාවල නිරත විය.

ld add copy

Connet With Us