නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වේ.

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ, ඉන්ධන ගොඩබෑම මේ වන විට ආරම්භ කර තිබේ.

ගාමිණි සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයේ වැඩ භාරගෙන තිබේ.

ගෝලීය වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනැගීමට එකතුවීමට සියලුදෙනාටම ජාතික වගකීමක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස15 වන දින ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ කතාව සම්බන්ධයෙන් එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ජොන්ස්ටන්ගේ කතා ඇහුවාම අපේ ඇඟට ලේ උනනවා යැයි පවසමින් එය අගේකර තිබිණි.

විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවා සංවෘත සේවාවක් බවට පත් කර තිබෙනවා. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම සේවා සංවෘත සේවාවක් බවට පත් කර ඇත්තේ.

ld add copy

Connet With Us