කොළඹ නගරයම එකම විනෝද කලාපයක් කළ රාත්‍රියක් Featured

Published in පුවත්
Tuesday, 26 December 2023 11:29

නත්තල් සැමරුමත් සමගම කොළඹ ගාලුමුවදොර, වරාය නගරය, නෙලුම් කුලුන අදි ප්‍රදේශ තුළ තුළ ලක්ෂ ගනක ජනතාවක් සැරසරන එකම විනෝද කලාපයක් බවට පසුගිය දින දෙක පත්ව තිබිණි. ආගමික ජාති තරාතිරම් බේදයකින් තොරව මෙම නත්තල් සැමරුම් සඳහා ජනතාව එක්ව සිටීම විශේෂත්වයකි.

ඒ් අතර කොළඹ නෙළුම් කුලුන නැරඹීම සදහා පසුගිය 24 සහ 25 දින දෙකේ දී 17,000 කට අධික නරඹන්නන් පිරිසක් පැමිණ ඇති බව සීමාසහිත Colombo Lotus Tower Management Company Pvt Ltd සමාගම පවසයි.

‍නත්තල් උණුසුමත් සමග දේශීය සංචාරකයන් 17,300ක් සහ විදෙස් සංචාරකයන් 493දෙනෙකු පැමිණ ඇති බවත් 2022 සැප්තැම්බර් 15වැනිදා සිට 2023 දෙසැම්බර් 25වැනිදා දක්වා නෙළුම් කුලුන නැරඹීමට පැමිණ මුළු පිරිස 1,410,459ක් බවත් එම සමාගම පවසයි.

2022 සැප්තැම්බර් 15වැනිදා සිට 2023 දෙසැම්බර් 25වැනිදා දක්වා පැමිණි මුළු විදේශීය සංචාරකයන් ගණන 42,553ක් බව නෙළුම් කුළුණ පාලනාධිකාරිය වැඩිදුරටත් සදහන් කර සිටියි.

කෙසේ නමුත් පසුගිය වසර දෙක තුළ තුළදී දැවැන්ත ආර්ථික අර්බුදයකට ලක්ව තිබු ශ්‍රී ලංකාව මේ වන විට එයින් ගැලවී සාමාන්‍ය තත්වයට පත් වීම ද මෙලෙස ජනතාව පොදු විනෝද කටයුතු වෙනුවෙන් වඩාත් උනන්දු වීමෙන් පෙන්නුම් කරයි.

2

3

4

7

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us