වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයෙකු පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ  පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට තීරණය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) විධිවිධාන පිළිබඳ පළමු සමාලෝචනය අද (12) දින සලකා බැලීය.

මෙරට න්‍යෂ්ටික බලශක්තිය  නිපදවීම  සඳහා ආයෝජනය කිරීමට රුසියාව, චීනය, ඩෙන්මාර්කය සහ එක්සත් ජනපදය වෙතින් යෝජනා ඉදිරිපත්ව ඇති බව වාර්ථා වේ. මේ සමඟ න්‍යෂ්ටික බලය සඳහා කොළ එළියක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය (SLAEA)  පවසයි.

ඌරන්ට ආහාර පිණිස දුන් කුකුළු පැටවුන් මස් පිණිස ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර නොමිලයේ බෙදා හරින්නට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙගාවොට් 1500 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරය සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට රජයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us