නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට රට තුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි.

කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

2024 වර්ෂයට අදාළව 'රටවිරු දූ දරු' ශිෂ්‍යත්වය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වේ.

ඊයේ (11) පස්වරුවේ සිට වහාම ක්‍රියාත්මකවන පරිදි දිනමිණ කර්තෘ ධූරයෙන් මනෝජ් අබයදීර ඉවත් කර තිබේ. ලේක් හවුස් ආයතනයේ කර්තෘවරයෙකුට සිදුකරන සම්ප්‍රදායික දැනුම්දීමේ රාටවෙන් තොරව ඔහු එම තනතුරින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

පොල් මිල ඉහළයාම හමුවේ දේශීය පොල්තෙල් නිෂ්පාදනයද ඇණහිට තිබෙන බව වාර්තා වනවා.

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

ld add copy

Connet With Us