පවතින කලාපීය නොසන්සුන්තාව හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ආශ්‍රිතව පිහිටි ඉරාන බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 110 දක්වා ඉහළ ගොස් තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා .

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි.

බස්නාහිර පළාතේ අපරාධ මැඩලීමට තොරතුරු ලබාදීම සඳහා මහජනතාවට නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ld add copy

Connet With Us