රජයේ ක්‍රියාත්මක QR කේත ක්‍රමය හා වාහන අංක (ඔත්තේ /ඉරට්ටේ) අනුව ඉන්ධන නිකුත් කිරිම සිදුවන බැවින් පෝළිම් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් වැඩි දුරටත් දැක්වෙනවා.
ඒ අනුව අද (23) පෙ.ව 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කළමණාකරණය හා ගාස්තු අය කිරිමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදි කොළඹ මහ නගර සභාව තීරණය කළ බව එහි වැඩි දුරටත් සඳහන් වනවා.
ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලීම් සහ ඒ අවට ඇති වූ තදබදය හේතුවෙන් නැවතුම් ගාස්තු අය කිරීම පසුගිය 18 වෙනිදා සිට නැවත දැනුම්දෙනතුරු අත්හිටුවනු ලැබුවා.

