ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පවතින “අවිනිශ්චිතභාවය” රටේ ආර්ථික දැක්මෙහි පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති කිරීමට හේතු වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) පවසන බව Press Trust of India (PTI )  වාර්තා කරයි.

ඉරාන ජනාධිපති ඒබ්‍රහිම් රයිසි, ඉරානයේ ඩොලර් මිලියන 529 ක ආධාර යටතේ ඉදිකළ මෙගාවොට් 120 ක ජලවිදුලි උත්පාදන ධාරිතාවයකින් යුත් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා එක්දින නිල සංචාරයක් සඳහා අප්‍රේල් 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව කොළඹ ඉරාන තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ.

පසුගිය මාසයේ ලන්ඩනයේ පැවති, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාල සාකච්ඡාවේ දී, පෞද්ගලික බැදුම්කර හිමියන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා දෙකක් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ලොකු ළුෑණු අපනයන සඳහා ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් හමු වී සාකච්ඡාවල නිරත වී තිබේ.

අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් කෝටි 15 ඉක්මවා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද(15) ආරම්භ වෙයි.

ld add copy

Connet With Us