ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීමේ සේවාව සඳහා ඉදිරි වසරේ සුඛෝපභෝගී බස් රථ 200ක් එක් කිරීමට කටයුතු කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් පැවැසීය.

කොළඹ පැල්පත් නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුම අද සිට පෙර පරිදිම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටුවීමට සුදුසු ගොඩනැගිලි 3ක් තැපැල් දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නත්තල් නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

අද (26) සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කටයුතු මෙහෙයව ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ld add copy

Connet With Us