ශ්‍රී ලංකාව පුරා ඇති ළමා නිවාස 354 තුළ මේ වනවිට ළමයින් 9,147ක් සිටින බව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පවසනු ලබයි.

අන්තර්ජාතික මූල්‍ය ආයතනවල සහාය ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට සහාය දෙන බව ජපානය අවධාරණය කර තිබේ.

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාසට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය පවසයි.

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණය කර තිබේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය විරෝධය ශ්‍රී ලංකා රජයට පළකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

අද කාලගුණය

Published in පුවත්
Friday, 19 April 2024 07:48

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) සවස 2න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ld add copy

Connet With Us