සියලුම සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් සියලුම ඉන්ධන හල් හිමිකරුවන්ට ආරාධනා කරමින් අද (22) කොළඹ පදනම් ආයතනයේදී පෙරවරු 9ට ආරම්භවීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු අද (22) උදෑසන පත්කර තිබේ.
කඩුවෙල නගර සභාවේ ලක්ෂ 23ක් වටිනා ටයර් සොරා ගත් 3ක් අත්අඩංගුවට
කඩුවෙල මහ නගර සභාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල තිදෙනකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
ඉන්දියාවේ භායානක කොවිඩ් ප්‍රභේදය ලංකාවට - පවතින තත්වය සැහැල්ලුවට නොගන්නැයි GMOA අනතුරු අගවයි
ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානීමහාචාර්ය චන්දිම ජීවන්දර පැවසීය.
A/L පංති වැඩමුළු 29 වැනිදායින් තහනම් - පැමිණිලි සදහා ක්ෂණික ඇමතුම් අංක
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම මේ මස 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් පසුව තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් දැනුම් දෙයි.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද (22) සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි. තුන්වැනි පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ පෙබරවාරි මස පළමු වැනිදා ය.
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 9 වැනි දිනටත් පැවැත්වෙයි.