සිංහල හා දෙමල මාධ්‍ය රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනු ඇත.

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසයි.

අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර, නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් බව ප්‍රවාහන මහාමාර් හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයින් ඇතුළත් කරගැනීමට රජය තීරණය කර තිබේ.

මෙම 2024 වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම අද ( 09 ) සිට ඇරඹෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීන්දු සම්බන්ධයෙන් ලබන 18 වැනිදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

2024.04.11 දිනට යෙදෙන රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තානාපතිනිය ලෙස ජනාධිපති ජෝ බයිඩෙන් එලිසබෙත් කේ හෝස්ට් මහත්මිය නම් කර තිබේ. මෙම නාමයෝජනාව සෙනෙට් සභාව වෙත යවා ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ld add copy

Connet With Us