ගංවතුර අවධානම තවදුරටත්

Published in පුවත්
Monday, 03 June 2024 19:02

ඉදිරි දින කිහිපය තුළ පවතින අධික වර්ෂාපතනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය. 

එනමුදු ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් ගං වතුර තත්ත්වයක් ඇති වූ ගංගා ද්‍රෝණි ආශ්‍රීත ප්‍රදේශවල තවදුරටත් පවතිනු ඇති බව මාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි.

එහි අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා ප්‍රකාශ කළේ, එය වර්ධනය වීමේ සීඝ්‍රතාව එකිනෙක වෙනස් වන බවයි.

"මෙම ගං ද්‍රෝණිවල පහළ ප්‍රදේශවල පවතින ගං වතුර තත්ත්වය සුළු වශයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඉහළ ප්‍රදේශවල පහත් බිම්වල ඇති ගං වතුර තත්ත්වය සුළු වශයෙන් අඩු වෙමින් පවතිනවා. කෙසේ වෙතත් ගං වතුරේ බලපෑම අද රාත්‍රිය තුළ පවතිනු ඇති. ඇතැම් ස්ථානවල බලපෑම ඉවත් වනු ඇති.

නිල්වලා ගඟ ද්‍රෝණියේ අකුරැස්ස, කඹුරුපිටිය, මුලටියන, පිටබැද්දර ප්‍රදේශවල පහත්බිමවල පවතින ගං වතුර තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා.

තිහගොඩ, මාතර, මාලිම්බඩ, අතුරලිය යන ප්‍රදේශවල පහත්බිමවල පවතින ගං වතුර තත්ත්වය තවදුරටත් ක්‍රමයෙන් සුළු වශයෙන් වර්ධනය වනවා. ඇතැම් ස්ථානවල ඉහළ මට්ටමක් පෙන්නුම් කරනවා.

ගිං ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශ වන නෙළුව, තවලම වැනි ප්‍රදේශවල ගං වතුර තත්ත්වය ක්‍රමයෙන් අඩු වන අතර පහළ බද්දේගම, නාගොඩ වැනි ප්‍රදේශවල ගං වතුර තත්ත්වය සුළු වශයෙන් වර්ධනය වනු ඇති.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලින් ගං වතුර තත්ත්වය බැස ගොස් තිබෙනවා. සෙසු ස්ථානවල ගං වතුර තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. පහළ ප්‍රදේශවල ගං වතුර සුළු වශයෙන් වර්ධනය වනවා.

කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවල ගං වතුර තත්ත්වය සම්පූර්ණයෙන් ඉවත් වෙලා. අද රාත්‍රිය වනවිට ගං වතුර සම්පූර්ණයෙන් ඉවත් වෙයි. හංවැල්ල, බියගම, කොලොන්නාව වැන ප්‍රදේශවල වෙනසක් නොමැතිව පවතින්න පුළුවන්. ඉන් පසුව ක්‍රමයෙන් අඩු වෙයි. පහත් බිම්වල ගං වතුර තත්ත්වය පවතියි.

අත්තනගලු ඔය ආශ්‍රීත ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉතා සෙමින් අඩුවෙමින් පවතිනවා. කෙසේ වෙතත්

පහළ ප්‍රදේශවල ගං වතුර මට්ටමෙහි වර්ධනයක් දැකිය හැකියි.

ගම්පහ ප්‍රදේශයේ ඇතැම් නගර ගං වතුර බලපෑමට ලක් වෙලා තියෙනවා. ගම්පහ නගරයෙන් පහළ ප්‍රදේශවලට පවතින බලපෑම තවදුරටත් අද රාත්‍රියේ දී ඉහළ යනු ඇති. පහත් බිම්වල ඉන්න අය දැඩි අවධානයෙන් ඉන්න ඔනේ."

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us