ඒ අනුව දුම්රිය පාලක මැදිරිය සදහන් කර සිටියේ උඩරට දුම්රිය මාර්ගයේ කොටගල හා හැටන් අතර පීලි පැනීමට ලක් වූ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය ඊයේ (03) රාත්‍රියේම පීලි ගත කළ බවත් ඒ අනුවඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගත් බවයි.
මේ වනවිට ඛදුල්ල දුම්රිය ස්ථානයෙන් උඩරට මැණිකේ හා පොඩිමැණිකේ දුම්රිය දෙක පිටත්ව කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බවත් කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිත දුම්රියවල ප්‍රමාදයක් පවතින බවත් දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.