මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසකට කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය අද (10 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතය.

මෙරට දිස්ත්‍රික්ක දහයක කරන ලද සමීක්ෂණයකදී පවුල් ඒකක සියයට 32 ක් සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයට මුදල් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණයවී ඇත.

අද (10) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඒකමතිකව ‍තේරී පත්වී තිබේ.

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ,අද (09) සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියේ, චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බවත්, වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවය.

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් ප්‍රවර්ධනය කිරීම සඳහා නව රජයේ ප්‍රතිපත්තිවල ඇති ඵලදායීතාවය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් නිලධාරීන්ගේ ක්‍රියා හේතුවෙන් අඩාල වී ඇත.

ld add copy

Connet With Us