ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත් නොමැති බවට හඳුනාගෙන ඇති ලක්ෂ එක හමාරක් පමණ වන පිරිසට තාවකාලික හැඳුනුම්පතක් දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදන කරමින් සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පොලීසිය හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිතවේ.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

රටක් ලෙස ගොඩ එනවා නම් එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර තිබෙන ගිවිසුම නිසා වන හෙයින් එම ගිවිසුම ආරක්ෂා කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසනවා.

ld add copy

Connet With Us