ඡන්දය දෙන්න ජාතික හැඳුනුම්පත් නොමැති අයට තාවකාලික හැඳුනුම්පතක්

Published in පුවත්
Friday, 09 August 2024 12:02

ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත් නොමැති බවට හඳුනාගෙන ඇති ලක්ෂ එක හමාරක් පමණ වන පිරිසට තාවකාලික හැඳුනුම්පතක් දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදන කරමින් සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මෙසේ හඳුනාගෙන ඇති පිරිස අතරට වතු ජනතාව සහ LGBTIQ ප්‍රජාව වැඩි වශයෙන් ඇතුළත්ව සිටිනවා. මෙරට එක් කෝටි හැත්තෑ එක් ලක්ෂයක් වු ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිස අතරේ සිටින හැඳුනුම්පත් නොමැති පිරිස්ට කිසිදු බාධාවකින් තොරව ඒ සඳහා තාවකාලික හැඳුනුම්පතක් දීමට සියලු ග්‍රාම නිලධාරීන් සූදානම්ව සිටිනවා.

මැතිවරණ සමයේ මුල් අදියරේ සිටියත් මේ වන විට සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබෙනවා.

එසේම LGBTIQ ප්‍රජාවගේ සංක්‍රාන්තික සමාජභාවි අය හඳුනා ගැනීමට නිකුත් කර ඇති GRC. සහතිකය අනුව ඔවුන් ඡන්ද මධ්‍යස්ථානයේදී හඳුනා ගැනීම ගැටලුවක් නෑ. එසේම ඡන්ද හිමි නාම ලේඛනයට මුලින්ම නම ඇතුළත් විය යුත්තේ නිවෙසින්. කෙසේ නමුත් මේ ප්‍රජාව පිළිබඳව ඒ ඒ පළාත්වල ගොස් අප අවශ්‍ය දේ අධ්‍යයනය කළා. ඒ අනුව බොහෝ ගැටලු හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණ ක්‍රියාවලියෙන් ඔබ්බට තියෙන කාරණා සම්බන්ධයෙන් අපට මැදිහත්වීමට ඇති හැකියාව අවමයි.”

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us