ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ (16 වැනිදා) දිනයේදී ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 104 ඉක්මවා තිබිණි.

බේකරි නිෂ්පාදන කටයුතු සඳහා කිව්.ආර්. කේතය (QR) මගින් බූලිවලට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොතිබීම නිසා බේකරි හිමියන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවැසීය.

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නාලක කලුවැව මහතා පවසයි.

මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60ත් - 360ත් අතර පරාසයක් තුළ ලබාදීමට පහසුකම් සලසන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා පවසයි.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා අද (16) සිට ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කරනවා.

අද වහින පළාත්

Published in පුවත්
Monday, 16 March 2026 08:15

මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Page 5 of 1915

ld add copy

Connet With Us