සංස්කෘතියට පටහැනි අංග ඇතුළත් අවුරුදු උත්සවවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ විවාදය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන රූපවාහිනි සභාපති සුදර්ශන ගුණවර්ධනට දැනුම් දී ඇතැයි දැනගැනීමට ඇත.

ඉන්දියාවේ සිට නීතිවරෝධී අයුරින් මෙරටට ගෙන්වා ඇති බවට සැක කෙරෙන බීඩි කොල කිලෝ 1200 ක් යුද්ධ හමුදා බුද්ධි අංශය මගින් ලබාදුන් තොරතුරකට පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන ලද මෙහෙයුමකදී 2024 අප්‍රේල් 05 වන දින උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අධීක්ෂණය කළ හැකිව තිබියදී, සමුපකාර බැංකුවල මුදල් තැන්පත් කළ අයගේ එම තැන්පතු ආරක්ෂා කිරීමට කටයුතු නොකළ බව කියමින් මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහල නිලධාරීන්ට අගමැති දිනේශ් ගුණවර්ධන චෝදනා කර තිබේ.

බංකොලොත් වූ රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වසා දමා තනි රනිල්ට රට භාර දෙන ලෙස තමා එදා කළ ප්‍රකාශය අද සත්‍ය බවට පත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට උපරිම උත්සාහ දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය

ld add copy

Connet With Us