රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී තිබේ.

ගොවීන්ගෙන් වී තොග මිලදී ගැනීම සඳහා රජය විසින් මුදල් ලබා දුන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් 84 දෙනකු රුපියල් කෝටි 39 කට ආසන්න වටිනාකමකින් යුතු සහල් තොග රජයට ලබාදී නැතැයි අනාවරණය වේ.

රාජ කුමාරවරු මේ රටේ නායකයන් බවට පත් කිරීම සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තවදුරටත් සූදානම් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා බකමූණ නගරයේ පැවැති ජන හමුවකදී පැවසීය .

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කල බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  පැවසීය.

මෙරට ධාවනය වන වාහන ලක්ෂ 58 අතුරින් වාහන 1,160,000ක් වායු විමෝචන මධ්‍යස්ථානවලදී අසමත්වන බව අනාවරණය වී තිබේ. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් වන බව හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

ld add copy

Latest News

Connet With Us