සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කෙරුණු මැලේරියා මර්දන ව්‍යාපෘතියක ඉසීම් යන්ත‍්‍ර කි‍්‍රයාකරුවන් ලෙස සේවය කළ පුද්ගලයින් පිරිසක් උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වහලය මත නැගී අද (14) උදෑසන සත්‍යග‍්‍රහයක නිරත වුයේය.

කිසිම දේශපාලන පක්ෂයකට නොයන මුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා දිනවීමට කැපවන බව බව ශ්‍රීලනිපයෙන් හා පානදුර පුරපති පදවියෙන් ඉල්ලා අස්වූ නන්දන ගුණතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසුවේය.

දැඩි මතභේදයකට තුඩුදී ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය දීම සලකා බැලීම තවත් මාස හයකින් කල් දැමීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇත.
හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප‍්‍රදේශයේ යළිත් නායයාමේ අවදානමක් මතුව තිබේ.
මාරාන්තික එබෝලා වෛරස් රෝගය පැතිරීම හේතුවෙන් බටහිර අපි‍්‍රකානු රාජ්‍යයක් වන ලයිබීරියාවේ පැනවුණු හදිසි නීතිය ඊයේ ඉවත් කෙරුණි.

විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අතර නෛතික අවබෝධතා ගිවිසුමකට ලබන සඳුදා (17දා) අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා‍වෙයි.

පොදු අපේක්‍ෂකයා කවුද යන්න රටට හෙළි කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනට පසු දින සිදු කරන බව විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක්‌ පැවැසීය.

එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමා සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා අද සමත් වුයේය.

ld add copy

Latest News

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන...

Connet With Us