ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හදිසි හදවත් රෝගයක් නිසා කොළඹ පුද්ගලික  රෝහලකට ඇතුළත් කර ඇත.

රාජපක්ෂ රෙජීමයේ කුමන්ත්‍රණයට හසුවී,   කිලී-ටිරාන්ගේ තර්ජන කිරීම් වලට බියවී සජිත්ට නියෝජ්‍ය නායක නායකත්වය දීමට යන නිසා රවි කරුණානායක ආණ්ඩුවට එක්වන බවට ගෙන යන ප්‍රචාරයට එජාප මන්ත්‍රී රවි කරුණානායක මන්ත්‍රීවරයා පිලිතුරු දී තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන දුෂණ හා වංචා හෙළිකිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් සයිබර් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජනප්‍රිය සිනාමා නළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් මහඇමති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ලොව පුරා සිටින වයස අවුරුදු විස්සට අඩු ගැහැණු ළමුන් කෝටි දොළහක් ලිංගික දූෂණයට හෝ අපයෝජනයට ලක් වී ඇති බව එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

රටතුල ඇති බහු ජාතික සමාගම් මේ  රටේ සමහර දේශපාලනඥයින්ට, මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට අල්ලස් දෙමින්, ඔවුන්ව  දිනාගෙන ඇතිබවක්  පෙනෙන්නට ඇති අතර මේ රටේ කුඩු ප්‍රශ්නය  මෙන්ම කිරි පිටි ප්‍රශ්නය ද දැවැන්ත අර්බුදයක් වී ඇතැයි බොදු බල සේනාවේ මහ ලේකම්  ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසති.

හෙට දිනයේ බදුල්ල පස්සරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ 68 වන සමුළුව සඳහා නායක රනිල් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් දෙදෙනාම සහභාගී වන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් මහතාට පාකිස්ථානයේ අහමඩ් ෂෙසාඩ් විසින් කරන ලද තර්ජනය සම්බන්ධයෙන් 'හෙළ බොදු සවිය' සංවිධානය විරෝධය පළකර සිටියි. 

ld add copy

Connet With Us