ලබන 29 වැනිදාට අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය - නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.
හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා හා හිටපු ඇමැතිනි පවිත්‍රා දේවී වන්නි ආරච්චි  මහත්මිය ඊයේ රාත්‍රියේදී ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. 

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව සතු බැංකු ගිණුමකින් 2015.01.06 දින රුපියල් 1,456,980,000ක මුදලක් යළි ලබා ගැනීම ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා විගණාකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (12) කැබිනට් මණ්ඩලය දිව්රුම් දීමෙන් අනතුරුව ඔවුන් ඇමතූ ජනාධිපතිවරයා ඉතා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියේ ‘හොරකම් දූෂණ කරන්න ලෑස්ති වෙන්න එපා. තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙනවා' යනුවෙනි.

ඉතා අමානුෂික හා කෘර ආකාරයෙන් රට තුල ක්‍රියාත්මකවූ අලි පැටවුන් ජාවාරමේ මහා මොළකරුවෙකු ලෙස කටයුතුකළ දැනට වැඩ තහනමට ලක්වී සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීම් අංශයේ සහකාර අධ්‍යක්ෂ උපාලි පද්මසිරි නැමැත්තා නැවත සේවයේ පිහිටුවීමේ උත්සාහයක් පවතින බව අනාවරණය වේ.

 

ලංකා සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂක භාශ්වර සේනාංක ගුණරත්න විසින් මිලියන 900ක වංචාවකට අදාළ ලිපිගොනු කිහිපයක් සංචාරක මණ්ඩලයේ කාර්යාලයෙන් පැහැර ගැනීමට උත්සාහ ගෙන තිබේ.

වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රධාන අමාත්‍යතුමා සමග එක්වී වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙලට සහය දීමට තීරණය කර ඇත.වයඹ පළාත් සභාවේදී අද (13)පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසිය.

ld add copy

Connet With Us