ලබන වසරේ ජනවාරි මස අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමට ලිංගික අල්ලස් ලබා දියු යුතු බවට එල්ල වී ඇති චෝදනා ගැන සොයාබැලීම සඳහා කමිටුවක් පත් කර ඇත.
අයවැය ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන හැදූ එකක් බවත් ඒමගින්  ජනතාවට මහ දවල් සිහින ලෝක තනා දී අැති බවටත් අයිතීන් උදෙසා කාන්තාවෝ චෝදනා කරති.

ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයකු වන ශ‍්‍ර‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මානව සම්පත් හා පාලන විෂය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පත්කර සිටින යුද හමුදාවේ හිටපු කපිතාන් වරයකු එස්.පී. ලොකුහැන්නදිගේ නැමැත්තා හට පසුගියදා කොළඹ මහාධිකරණය දඩ හා අත්හිටවු සිර දඬුවම් නියම කළේය.

උතුරේ මෙන්ම දකුණේද අතුරුදහන් වූ දරුවන් සොයන අම්මලාට හැඩීමට‍ පව නොහැකි තත්වයටක් උද්ගතව ඇතැයි බ්‍රීටෝ ප්‍රනාන්දු පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ත‍්‍රස්ත මර්දන කමිටු ප‍්‍රධානී ජෝන් කෝල් ලැබොට් මහතා අද ශ‍්‍රී ලංකාවට (28) පැමිණෙයි. ඔහු දින තුනක කාලයක් ශ‍්‍රීලංකාවේ රැදී සිටීමට නියමිතය.

2015 සදහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අය වැයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට හා අධ්‍යාපනය සදහා වෙන් කළ මුදල් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පිරිසක් මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරව අදාල මාධ්‍ය සාකච්ඡාවෙන් නැගිට ගොස් ඇති බව වාර්තාවේ.

කිතුනුවන්ගේ හිත දිනා ගැනීම සඳහා ජනාධිපතිවරණය මාර්තු දක්වා කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

ld add copy

Connet With Us