අපරාධ චූදිත මහින්ද බාලසූරියට රටින් පිටවීමට ඉඩදීම යහපාලනයද?

Published in පුවත්
Sunday, 18 January 2015 15:15

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාට රටින් පිටවී යෑමට ඉඩ දීම බරපතල වරදක් බව නීතිඥවරු පෙන්වා දෙයි. ඔහුට එරෙහිව බරපතල චෝදනා ‍රැසක් එල්ල වී තිබෙන මොහොතක මෙලෙස රටින් පිටවී යාමට ඉඩ ලබාදීම නව ආන්ඩුවේ 'යහපාලනය' විහිළුවක් බවට පත්වීමක් බව ඔවුන් පෙන්වා දෙයි.

ඔහු අමාත්‍යාංශ ලේකම්ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසුව අපරාධ කිහිපයකටම සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරීමට මෙන්ම අපරාධවලට සම්බන්ධයක් නැති පුද්ගලයන් ඒවාට පැටලීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

මේ අතර පසුගියදා කහවත්තේ පැවැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැළියකට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චොකා මල්ලී නොහොත් නියෝජ්‍ය අමාත්‍ය  ප්‍රේමලාල් ජයසේකර එම චෝදනාවෙන් නිදහස් කරගැනීමට මහින්ද බාලසූරිය සෘජුවම මැදිහත් වී තිබේ.

එහිදි ඔහු සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ අමතා ප්‍රෙමලාල් ජයසේකරගේ නම 'බී' වාර්තාවෙන් ඉවත් කරන්නයැයි පවසා ඇත. එහිදී ජයසිංහ විසින් රත්නපුර භාර නිළධාරියාවූ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් මහතාට මේ බව දැනුම් දී තිබේ.

එහෙත් ඒ වන විටත් ඔහුගේ නම 'බී' වාර්තාවට ඇතුලත් කර ඇති බවත් සැකකරුවන්ට එරෙහිව ප්‍රබල සාක්ෂි ඇති බවත් පවසා එම ඉල්ලීම රොහාන් ඩයස් විසින් දැඩිව ප්‍රතික්ෂේප කර ඇත. එම හෙතුවෙන් මහින්ද බාලසූරිය හා ජයසිංහ දෙදෙනාම එක් වී ඔහුට බැණ වැදී තිබුණේ බරපතල ප්‍රශ්නවලට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති බවට තර්ජනය කරමිනි.

එමෙන්ම කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසංග සෝලංගආරච්චි මහතාට එරේහිව ව්‍යාජ චෝදනාවක් ගොනු කර ඔහුව අත්අඩංගුවට ගැනීමටද මහින්ද බලසුරිය සැලසුම් කල බවත් හෙළිව තිබේ.

ඒ අනුව, ගල්කිස්ස නාගරික මන්ත්‍රී ශවිත්‍ර රමල් ද සිල්වා නමැත්තා හරිගුප්තා රෝහණධීර සමග කොළඹ අපරාධ කොට්ඨාසය (සීසීඩී) වෙත පැමිණ නීති විරෝධී පිස්තෝලයක් ඉදිරිපත් කරමින් “ප්‍රසංග සෝලංගආරච්චි මට මේ පිස්තෝලය තියාගන්න කියා දුන්නා“ යි පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. සීසීඩීය පිස්තෝලය තම භාරයට ගෙන නීති විරෝධී පිස්තෝලය අතැතිව සිටි රමල් ද සිල්වා පොලිස් ඇප මත නිදහස් කර යවා සෝලංගආරච්චි දඩයම් කිරීම රාජපක්ෂවරුන්ගේ සැලසුම විය.

මෙම කුමන්ත්‍රනය මුළුමනින්ම මෙහෙයවන ලද්දේද මහින්ද බාලසූරිය විසින් බව මේ වන විට තහවුරු වී ඇත. මෙම පිස්තොලය ‍රැගෙන එන පුද්ගලයාට පොලිස් ඇප ලබා දී නිදහස් කරන ලෙස එහි සහකාර පොලිස් අධිකාරී ආරියතිලකට උපදෙස් දී තිබුණේද මහින්ද බාලසූරිය විසිනි. ලංකාවේ නීතිය අනුව නීති විරෝධී ස්වයංක්‍රීය ගිනි අවියක් අතැතිව සිටීම පොලිස් ඇප ලබා දිය නොහැකි වරදකි. ඇප ලබා ගන්නවා නම් ගත යුතු වන්නේ මහාධිකරණයකින් පමණි. වරද ඔප්පු වුවහොත් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතු වරදකි.


මෙලෙස වසර ගනනාවක් සිරගත කළ හැකි, අපරධ ගනයට වැටෙන වැ‍රැදි ‍රැසක් සිදුකෙරූ මහින්ද බලසූරිය අද දින කිසිදු බාධාවකින් තොරව අබුඩාබී බලා පිටත්ව ගොස් ඇත. 

එමෙන්ම මේ වන විට බරපතල දූෂණ අපරාධ චෝදනා ඇති පුද්ගලයන් රසක් රටින් පිටව ගොස් තිබේ. නීතියේ ආධිපත්‍ය යහපාලනය සුරකින්නේමැයි කියමින් රජවූ අලුත් පාලකයන් මේ සිදු කරමින් තිබෙන්නේ පරණ අපරාධකරුවන් බේරායවා අලුත් අපරාධකරුවන්ට පිටිය සකස් කර දීම හැර වෙනකක් නොවේ.

 

Last modified on Sunday, 18 January 2015 15:24

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us