කුරුඳු, තේ හා පොල් යන වැවිලි භෝග සඳහා යොදන පොහොර වර්ග ගණනාවක මිල තවදුරටත් රුපියල් 1500-2000 දක්වා මිලකින් අඩු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(17) රාජ්‍ය පොහොර සමාගමට උපදෙස් දුන්නේය.
විවිධ අපරාධ කර මෙරටින් පලා ගිය පාතාල ක්‍රියාකාරීන් හතළිහකට ආසන්න පිරිසක් ඩුබායිහි සහ ප්‍රංශයේ මහල් නිවාස හතරක සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ.
මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඇතුළත් කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට!
අද(17) දින මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතයි.
විදුලි බිල අඩුකිරීමේ සහනය අගෝස්තු මාසයේ සිට පාරිභෝගිකයන්ට හිමිවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පවසා තිබේ.
විද්‍යාපීඨ බඳවා ගැනීමේ කටයුතු කඩාකප්පල් කිරීමේ ප්රයත්නයක්? යුධ හමුදාවේත් සහය පතයි
සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනෙන හෙට (18) දිනයේ යුධ හමුදා ආරක්ෂාව ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් ඊයේ (16) දින ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් හිටපු ක්‍රිකට් ක්‍රිඩකයා මරුමුවට
අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් මරණයට පත්වී තිබෙ.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2024 වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට මැයි 31 වැනිදා දක්වා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ 76,000 කට අවස්ථාව හිමිවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි.
අනුරාධපුර සහ කන්තලේ අතර රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ඊයේ දින (16) පස්වරු 5.00 ට පමණ සිදු වුණි.