ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පරිත්‍යාගශීලීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තම වගකීමක් වන බැවින් මෙන්ම ඍජුව ආධාර බෙදා හැරීමට යෑමේදී යම් අනතුරකට ලක්විය හැකි බැවින් මෙලෙස පරිත්‍යාගශීලින්ව දැනුවත් කරන බවයි.
මේ වනවිට ග්‍රාම නිලධාරී වසම් 397කට අයත් පවුල් 63,047ක පුද්ගලයින් 246,359ක් කොළඹ දිස්ත්‍රික්කය තුළ පීඩාවට පත්ව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර, පුද්ගලයින් 20,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින බව ද ප්‍රසන්න ගිනිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

