තම බැංකු කාඩ්පත්හි මුරපදය සහ බැංකු ගිණුම් දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට ජනතාවගෙන් බහුතරයකට දැනුවත් භාවයක් නොමැති බව මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පිහිටුවනු ලද කමිටුවක් මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව හෙළිවී ඇති බව ලංකා පේ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා පැවසීය.
කොවිඩ් හා ආර්ථික අර්බුද හමුවේ රාජ්‍ය අංශය ආරක්ෂා කරන්න ජනපතිගේ උපදෙස් පිටුවහලක් වුණා
කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදය හමුවේ වුවද කිසිදු සේවක හෝ වැටුප් කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වීම ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ලද උපදෙස් ඉවහල් වූ බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසා තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පුස්තකාල පරිශ්‍රයේදී සිදු අද (18) කෙරුණි.
ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබා නොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙයි.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සජිත්, අනුර ඇතුලු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තර කෙරේ
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් කිරීමට සැලසුමක්
බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හංගේරියානු රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද කොහුවල ගුවන් පාලම විවෘත කිරීම අද (17) පෙරවරුවේ සිදු කෙරුණි.