සන්නිවේදන ජාලා හෙට (04) වන විට යථා තත්වයට - ඇමති එරංග

Published in පුවත්
Wednesday, 03 December 2025 07:18

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට (04) වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.

ඒ වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ විදුලි සන්නිවේදන සමාගම් සියල්ල මහත් පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊයේ (02) මාධ්‍ය අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා,

"නායයෑම් සහ ජල ගැලීම් නිසා ස්ථාන 11කින් පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය විසන්ධි වී තිබුණා. ඉන් ස්ථාන 09ක් පැය 24ක් වැනි කාලයක් තුළ පිළිසකර කිරීමට අප අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් කටයුතු කළා. මේ වන විට සියලු පළාත් සම්බන්ධ කරමින් විදුලි සංදේශ ක්‍රියාවලිය යාවත්කාලීන කර තිබෙනවා. එහිදී අතුරු ස්ථාන කිහිපයක හැරණු විට අනෙක් ස්ථානවල ෆයිබර් ජාලය හරහා සන්නිවේදන කටයුතු සිදු කෙරෙනවා.

ජල ගැලීම් සහ නාය යාම් නිසා සිදු වූ විදුලි බිඳ වැටීම් හා ෆයිබර් සම්බන්ධතාව විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන සම්ප්‍රේෂණ කුලුණු 4000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාවිරහිත වී තිබුණා. මේ වන විට එයින් 2800ක් වැනි ප්‍රමාණයක් නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කර තිබෙනවා. ඉතිරි ප්‍රමාණයෙන් 949ක් අක්‍රීය වී තිබෙන්නේ විදුලිය විසන්ධි වීම නිසයි. ඒ අනුව ඉතිරි ස්ථාන සියල්ල නැවත සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට විදුලි සන්නිවේදන ආයතන ඉතා යුහුසුළුව කටයුතු කරමින් සිටිනවා.

කඩිනමින් ටෙලිකොම් කුළුණු වෙත ගොස් ඒවාට අවශ්‍ය විදුලි පහසුකම් ලබා දීමට ත්‍රිවිධ හමුදාවේ උපරිම සහාය ලැබෙනවා. නොවැම්බර් 28 වනදා මේ ව්‍යසනය ඇති වූ සැනින් ජනතාවට දුරකථන ජාලා සම්බන්ධ කර ගත නොහැකි වුවත් SMS යැවීමේ පහසුකම ඇති කිරීමට අවශ්‍ය තාක්ෂණය අපි සූදානම් කළා. නමුත් 29 වන දින සෑහෙන ප්‍රමාණයක් ෆයිබර් සබඳතා සකස් කර ගැනීම නිසා එය අවශ්‍ය වුණේ නැහැ.

දැනට ගැටලු පවතින්නේ නුවරඑළිය, බදුල්ල, පුත්තලම සහ වවුනියාව යන ප්‍රදේශවලයි. ඒ ප්‍රදේශවලින් නුවරඑළිය සහ නුවර සැලකිය යුතු මට්ටමේ ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. නමුත් හෙට උදෑසන වන විට නුවරඑළිය, පුත්තලම යන දිස්ත්‍රීක්කවල 75%කට වඩා සබඳතාව සක්‍රීය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නුවර දැනට තිබෙන 65%ක් වැනි ප්‍රමාණය හෙට උදෑසන වන විට 70%ක් වැනි ප්‍රමාණයකට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

තම නැදෑ හිත මිතුරන් සමග සබඳතා ඇති කර ගැනීම සහ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීම වෙනුවෙන් ජනතාවට සන්නිවේදනය අත්‍යාවශ්‍යයි. දැන් 80%ට වඩා වැඩි ප්‍රමාණයක් එය නිරාකණය කර තිබෙනවා. අනිද්දා දිනය වන විට එය 100%ක් දක්වා පිළිසකර කර ගැනීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us