ලසන්ත, ඔබ මරා දැමුණේ 2009 ජනවාරී 8 වැනිදාය. දේශපාලන බලයක් සහිත අවිවලට කොතරම් ජීවිත උදුරාගත හැකි වුවත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමේ වුවමනාව මාධ්‍යවේදීන් මරාදමා යටපත් කළ නොහැකි බව අවසන් ලෙස පාලකයන්ට උගන්වන්නේ ජනතාව විසිනි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(06) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගෙන තිබේ.
ජනපතිවරණය ජය ගන්නා අපෙක්ෂකයා ලබන 9 වැනිදා සවස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.
ජනාධිපතිවරණ දිනයේදී ඡන්දය සලකුණු කිරීමෙන් පසුව ඡන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන යන වාහන පිටුපස ගමන් කිරීමට දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ලබාදී තිබූ අවස්ථාවේ කිසිදු වෙනසක් නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පවසයි.
එල්ටීටීඊයේ රත්තරන් ටොන් 310ක් රහසේ ජපානයට විකුණූ බව හෙළිවෙයි.!
ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් කාලය තුල සිදුවු විශාලතම හොරකම එල්ටීටීඊ සංවිධනය සතුව තිබී අත් අඩංගුවට ගන්න ලද රන්තරන් තොගය රාජසන්තක නොකර රජ්ජුරුවන් විසින් හොර රහසේ ජපානයට විකිණීමේ මහා හොරකමයි.
ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා සහ නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාගේ ලේකම් සහ සම්බන්ධීකරණ ලේකම්වරයකු පොලිසිය මගින් ඊයේ (5 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීමෙන් අනතුරුව 9 වැනිදා පිහිටුවන ආණ්ඩුවෙන් පසුව 11වැනිදා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවැසුවාය.